පුවත් විස්තර

අඩු ආදයම්ලාභී පවුලක‍ට හිසට සෙවණක් යටතේ නව නිවසක්

මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව  මඟින් 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන 'ග්‍රාම සංවර්ධනයෙන් හිසට සෙවණක්' ව්‍යාපෘති‍ට යටතේ නුවරඑළිය ෆාමස්ටන්රත්නගිරිය ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුලකට නව නිවසක් ඉදි කර දීම! ️🏠

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාම සංවර්ධනයෙන් හිසට සෙවණක්නිවාස ව්‍යාපෘතිය යටතේ, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ෆාමස්ටන්රත්නගිරිය ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එස්.ඒ.ඩී.ඒ.ඩී. පෙරේරා මහතාගේ පවුල වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස නිල වශයෙන් භාරදීම නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහ මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ උපේක්ෂා විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්යයෙන් පසුගියදා (18) සාර්ථකව පැවැත්විණි. 🤝🎉

අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආරක්ෂිත හා යහපත් නිවාස පහසුකම් සලසාදීමේ අරමුණින් 2024 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා:

🔹 දෙපාර්තමේන්තු මූල්‍ය ප්‍රතිපාදන: රු. 100,000/- (ලක්ෂයක්)

🔹 ග්‍රාම සංවර්ධන බල මණ්ඩල, සමිති හා පරිත්‍යාගශීලීන්ගේ එකතු කිරීම්: රු. 900,000/- (ලක්ෂ 9කට ආසන්න මුදලක්)

🔹 ප්‍රඡා දායකත්වය: ප්‍රාදේශයාසීන් හා ග්‍රාම සංවර්ධන සමිතිවල ශ්‍රම සහ මූල්‍ය දායකත්වය

මෙම නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු ද සම්පූර්ණ කිරීමට ඉදිරියේදී අවශ්‍ය සහයෝගය ලබාදීමට නුවරඑළිය ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලය කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාව  දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරිනී දයානි කොහිලමුල්ල මහත්මිය, ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන නිලධාරී කපිල බෝපිටිය මහතා, ්‍ප්‍රාදශීය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ සභාපති තුෂාර රාජපක්ෂ මහතා, හිටපු සභාපති පූජ්‍ය ගොඩිගමුවේ ධම්ම විමල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.